කටුනායකින් රට යනවානම් ඩොලර් 60 ක බද්දක්, යාපනයෙන් සහ රත්මලානෙන් රට යනවානම් ඩොලර් 30 ක බද්දක්, වරායකින් නැව් නගිනවානං ඩොලර් 60ක බද්දක් සෑම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතුයි.

0
115

කටුනායකින් රට යනවානම්
ඩොලර් 60 ක බද්දක්.
යාපනයෙන් සහ රත්මලානෙන් රට යනවානම්
ඩොලර් 30 ක බද්දක්.
වරායකින් නැව් නගිනවානං
ඩොලර් 60ක බද්දක්
සෑම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතුයි.

කටුනායක ගුවන් තොටුපලෙන් විදෙස්ගතවන සෑම පුද්ගලයෙකුම ඇමරිකානු ඩොලර් 60 ක විශේෂ ගෙවීමක් සිදුකළ යුතුව තිබේ.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කර තිබෙන බව වාර්තා වේ.
යාපනය සහ රත්මලාන යන ගුවන්තොටුපලවල් හරහා විදෙස්ගතවන පුද්ගලයන් ගෙවිය යුතු බදු මුදල ඇමරිකානු ඩොලර් 30 කි.

මත්තලින් විදෙස්ගත වන පුද්ගලයන් මෙම විශේෂ බද්දට යටත් නොවේ.

මෙම බදු අයකිරීම ජනවාරි මාසයේ 12 වන දා සිට ක්‍රියාත්මක බව ඊට අදාලව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ සදහන් ය.

ඊට අමතරව විදෙස්ගතවීම සදහා ඕනෑම වරායකින් නැව් නගින පුද්ගලයන්ද ඩොලර් හැටක බදු මුදලට යටත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 10 =