“කප්පම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්න..!” ඇමති ප්‍රසන්නගේ ඉල්ලීම සලකා බැලීම 27.

0
203

“කප්පම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්න..!”
ඇමති ප්‍රසන්නගේ ඉල්ලීම
සලකා බැලීම 27.


කොළඹ මහාධිකරණය විසින් පනවා තිබෙන අත් හිටවූ සිරදඩුව අහෝසි කොට, තමන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනය, ලබන 27 වන දා කැදවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් මහ ඇමතිව සිටිය දී, ඉඩම් ගොඩකිරීමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට කොළඹ මහාධිකරණය මගින් වැරදිකරුවකු කරන ලද අතර, රුපියල් මිලියන 25 ක දඩයක්ද ඔහුට නියම කරන ලදී.

ඊට අමතරව, බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඩුවමක් ඔහුට එරෙහිව නියම කළ කොළඹ මහාධිකරණය, එය වසර දෙකකට අත්හිටුවන ලදී. එමෙන්ම, තවත් රුපියල් මිලියන වන්දියක් ද ගෙවන ලෙසද, කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

මෙම සියළු දඩුවම් වලින් තමන් මුදා හරින ලෙසත්, එමෙන්ම, අදාල නඩුවෙන් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙසත් අමාත්‍යවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි අතර, අමාත්‍යවරයාගේ එම ඉල්ලීම, ලබන 27 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය තින්දු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =