කර්නල්ගේ “ජන්ද එපා” පෙත්සම
අද නොවේ 23 වන දා කැදවන බව
ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
ඡන්දය කල්දමන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම අද දින විභාගයට නොගන්නා අතර පෙත්සම එළැඹෙන 23 වන දා කැදවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ, තැපැල් ඡන්දය කල්දමා ඇති බැවින් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.
අනෙක් පාර්ශ්වයන් ද එම ඉල්ලීමට එරෙහි වී නැත.