විරෝධතාකරුවන්ට එරෙහිව
කල් ඉකුත් වූ කදුළුගෑස් භාවිතා කිරීම.
ඇත්ත කියන්න
පොලිස්පතිට දින දහයක් කල් දෙයි..!
ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැන නැගුණු විරෝධතා විසුරුවා හැරීම සදහා කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් දින දහයක් තුළ පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය බව තොරතුරු දැන ගැනීමේ කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
විරෝධතා විසුරුවා හැරීම සදහා කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කර ඇති බවට වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් ඉල්ලා තිබුණි.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔහු එම ඉල්ලීම සිදුකර තිබුණද පොලිසිය අදාල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.
ඉන් පසුව මාධ්‍යවේදියා විසින් තොරතුරු කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර තිබුණු අතර ඉන් පසුව පොලිසිය විසින් යම් තොරතුරු ප්‍රමාණයක් ලබා දී තිබුණි. නමුත් ඒ තොරතුරු නිවැරදි නොවන බවත් පොලිසිය සැබෑ තොරතුරු සගවා ඇති බවත් මාධ්‍යවේදියා නැවත තොරතුරු කොමිසමට පැමිණිලි කර තිබේ.
තොරතුරු කොමිසම – කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කිරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබා දීම සදහා දින දහයක කාලයක් පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ ඉන් පසුවයි.
පොලිස්පතිවරයා විසින් සැබෑ තොරතුරු ලබා නොදෙන්නේ නම් ඔහු කොමිසම හමුවට කැදවීමට සිදුවන බවද තොරතුරු කොමිසම පවසා තිබේ.