කල් දැමූ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම නැවතත් මුදල් ඉල්ලයි.

0
509

කල් දැමූ පලාත් පාලන
මැතිවරණය පැවැත්වීමට
මැතිවරණ කොමිසම
නැවතත් මුදල් ඉල්ලයි.
මුලින් අවශ්‍ය
රුපියල් බිලියන 2.2 ක් පමණයි.

කල් දමා තිබෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා, මැතිවරණ කොමිසම, නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා අවශ්‍යව ඇත්තේ රුපියල් බිලියන 2.2 ක මුදලක් පමණක් බව පවසන මැතිවරණ කොමිසම, ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද පවසයි.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින්, කල් දැමූ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි, මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × five =