කළහාකාරී ලෙස හැසිරුණු
ඩයනා ගමගේ කාරක සභාවෙන් නෙරපයි..!
මාධ්‍ය –
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබදව සොයා බැලීම සදහා පත් කර තිබෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ දී, කළහකාරී ලෙස හැසිරෙමින් එම කාරක සභාවේ වැඩකටයුතුවලට බාධා කළැයි චෝදනා කරමින්, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, එම කාරක සභාවෙන් ඉවත් කර ඇති බව අද මවුබිම පුවත්පත වාර්තා කරයි.
රාජ්‍ය අමාත්‍යවරිය කාරක සභාවෙන් ඉවත් කිරීම සදහා කටයුතු කර ඇත්තේ, එම කාරක සභාපතිවරයා වන, අධිකරණ, බන්ධනාගාරකටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ මහතා විසිනි.
උසස් අධ්‍යාපන කාරක සභා රැස්වීමේ දී හිටපු අමාත්‍යවරයෙකු වන චන්දිම වීරක්කොඩි මහතා අදහස් දැක්වීමට නැගී සිටි අවස්ථාවේ දී රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ දිගින් දිගටම ඔහුට බාධා කරමින් හැසිරී ඇති අතර, ඇය සන්සුන් කිරීමට කාරක සභා සභාපති, විජේදාස රාජපක්ෂ මහතා උත්සාහ කළද එකී උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කාරක සභාවෙන් නෙරපා දැමීමට කටයුතු කර තිබේ.
මෙම කාරක සභාව සදහා අමාත්‍ය රමේෂ් පතිරණ, මහාචාර්ය චරිත හේරත්, සීතා අරඹේපොල, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වී ඇති බව පැවසේ.