කළුබෝවිල රෝහලට
හෙදියන් තුන්සියයක් අඩුයි..!
මේ වන විට කළුබෝවිල රෝහල තුළ හෙද පුරප්පාඩු තුන්සියයකට වඩා පවතින බව ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර සිටියි.
කළුබෝවිල රෝහලට අමතරව, යාපනය රෝහලේ ද මෙවැනිම තත්ත්වයක් පවතින බව එම වාර්තාව වැඩි දුරටත් වැඩිදුරටත් සදහන් කර තිබේ.
කොළඹ සහ තදාසන්න නගරවල ජීවන වියදම ඉහළ මට්ටමක පැවතීමත් ඊට සාපේක්ෂව හෙද වැටුප් පහළ මට්ටමක පැවතීමත් හේතුවෙන්, හෙද කාර්ය මණ්ඩල, ඔවුන්ගේ ගම්පලාත් ආශ්‍රිත රෝහල්වල සේවය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව ලෝක බැංකු වාර්තාව පවසයි.
ඊට අමතරව, අදාල වාර්තාව තුළ, වෛද්‍යවරු ඇතුළුව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හිගය පිළිබදවද හෙළිදරව් කර තිබේ.
ඒ අනුව, කල්මුණේ රෝහලට සිටින්නේ එක් නිර්වින්ද විශේෂඥ වෛද්‍යවරයෙක් පමණි.
නුවර එළිය මහ රෝහලේ ශල්‍යාගාර හයක් ඇති නමුත්, ක්‍රියාත්මක වන්නේ ශල්‍යාගාර හතරක් පමණි. එම ශල්‍යාගාර හතරේ සේවය කිරීම සදහා සිටින්නේ නිර්විදන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් පමණි.