‘කළුබෝවිල රෝහලේ ඇස්ප්‍රින් නෑ.
කොළඹ සිට පානදුර දක්වා ඇති ෆාමසිවලත් ඇස්ප්‍රින් නෑ.’
දිවයින පුවත්පත වාර්තා කරයි.
කළුබෝවිල රෝහලේ හෘද රෝග සායනය සදහා පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍යයෙන්ම ලබාදිය යුතු ඖෂධයක් වන ඇස්ප්‍රීන් රෝහලේ නොමැති බව අද දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
පිටත ඖෂධ ශාලාවලින් ඇස්ප්‍රින් ලබා ගන්නා ලෙස වෛද්‍යවරු ලියාදුන්නද කොළඹ සිට පානදුර දක්වා ඇති ඖෂධ ශාලාවලද ඇස්ප්‍රින් හිග බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
රෝහල තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රමාණවත් ලෙස ඇස්ප්‍රීන් පවතින බවත් – සායන සදහා සහභාගීවන ඇතැම් හෘදය රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇස්ප්‍රීන් ලබා දීමේ හැකියාව ඇතැම් අවස්ථාවල නැතිවන බවත්, මේ පිළිබදව රා්හලේ අධ්‍යක්ෂකවරියගෙන් විමසූ විට ඇය පවසා ඇති බවත් පුවත්පත වාර්තා කරයි.