ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ බලපෑම ගැන හොයන්න ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්..!

0
474

ක්‍රිකට් අතුරු පාලන කමිටුවේ
බලපෑම ගැන හොයන්න
ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්..!

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය, මෙරට ක්‍රිකට් ක්‍රීඩායේ අනාගතයට බලපාන ආකාරය පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිව් පුද්ගල කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ.

මෙම කැබිනට් අනු කමිටුවේ සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී මහතා පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැබිනට් අනු කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ, ටිරාන් අලස්, මනූෂ නානායක්කාර සහ කාන්චන විජේසේකර ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 3 =