ක්‍රිකට් කණ්ඩායමට සහ කාන්තා දැල්පන්දු කණ්ඩායමට ගෝඨාභයත් සුබපතයි..!

0
103

ක්‍රිකට් කණ්ඩායමට සහ
කාන්තා දැල්පන්දු කණ්ඩායමට
ගෝඨාභයත් සුබපතයි..!

ඊයේ දිනයේ දී ලබා ගත් ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ කාන්තා දැල්පන්දු කණ්ඩායමට හිටපු ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක් කර තිබේ.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ හිටපු ජනාධිපතිවරයා මෙම සුබ පැතුම් එක්කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරය අත්හැර යාමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ අවසන්වරට තබා ඇත්තේ ඇසල පොහොය වෙනුවෙන් තැබූ සටහනකි.
ඒ වන විටත් නිල වශයෙන් ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී නොතිබුණි.

ඉන් පසුව ගෙවුණු කාලය තුළ මුල් වරට ඔහු නැවත සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණ තිබෙන්නේ අද දිනයේ දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − fourteen =