ක්‍රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි…!

0
389

ක්‍රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි…!

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමෙන් තවත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්ව ඇති බව වාර්තා වේ.

මුලදී මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී, ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයාගේ විරෝධය මත, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇති බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්ත- විවාදයේ දී පාර්ශ්ව රැසකගේ විරෝධය, විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාට එල්ල විය.

කෙසේ වෙතත්, විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වීමෙන් පසුව, අදාල පෙත්සම විභාගයට ගැනීම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලට භාර වූ අතර, එම විනිසුරුවරු දෙදෙනාගෙන් ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරුවරයා, පෞද්ගලික හේතුවක් නිසා යැයි කියමින් නඩුවෙන් ඉවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + thirteen =