‘ක්‍රිස්තුස් වහන්සේගේ සමාව දීමේ ගුණයෙන් පාස්කුව සමරමු..!’ අගමැති දිනේශ්.

0
81

‘ක්‍රිස්තුස් වහන්සේගේ සමාව දීමේ ගුණයෙන් පාස්කුව සමරමු..!’
අගමැති දිනේශ්.

ක්‍රිස්තුස් වහන්සේගේ දයා කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් පාස්කුව සරසමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාස්කුව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා නිකුත් කර තිබෙන නිවේදනය පහතින්;

කුරුසිය මත ජීවිතය පූජාකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය හා උත්ථානය සිහිපත් කරන පාස්කු මංගල්‍ය ශ්‍රී ලාංකික හා ලෝකවාසී කිතුණු ජනතාව බැතියෙන් සිහිපත් කරන අද දින අසංවේදී සන්නිවේදන හා වත්මන් සංකීර්ණ සමාජ අනවබෝධය හමුවේ සිදී බිඳී යන මානව සබඳතා හා සමාජ ධර්මතා යළිදු නිවැරදි මගට ප්‍රවිෂ්ට කිරීමේ ප්‍රයත්නය උදෙසා කතිකාවතක් බවට පත්කර ගනිමු.

මානව වර්ගයා පාපයෙන් ගලවා ගැනීමට, සමාජ සාධාරණය, දයාව, ප්‍රේමය, මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැපකළ ජේසුස් කිස්තුස් වහන්සේ කෲර මරණයකට පත් කළද, මරණය ජයගෙන උට්ඨාන වෙමින් විමුක්තියේ නව මග පෙන්වා දුන් බව ක්‍රිස්තු භක්තික විශ්වාසයයි.

වත්මන් අර්බුදකාරී තත්ත්වයන් තුළ මානව ගුණාංග නොනැසී පවත්වා ගැනීමටත්, නිවැරදි තීන්දු තීරණ ගැනීමටත් ඇවැසි මානසිකත්වය අප තුළ ජනිත කර ගැනීම සඳහා මෙවන් සියලු ආගමික ඉගැන්වීම් අපට පිටිවහලක් වෙයි.

කුරුසියේ එල්ලී සිටියදී පවා වදකයන්ට සමාව දී දයාව හා ප්‍රේමය පතුරුවා ලූ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අපගේ හදවත් නවමු පරිවර්තනයකට ගෙනයමින් දයා කාරුණික ප්‍රේමයෙන් හා ක්‍රිස්තුස් වහන්සේගේ දයා කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් පාස්කුව සරසමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − fifteen =