ක්‍රීඩාව වෙනුවෙන්
පාසල් දරුවන්ට
අතිරේක පැය දෙකක්..!
පාසල් දරුවන් සදහා ක්‍රීඩාව වෙනුවෙන් අතිරේක පැය දෙකක කාලයක් වෙන් කිරීම පිළිබදව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ක්‍රීඩාව දියුණු කිරීම සදහා සකස් කිරීමට නියමිත ජාතික සැලැස්මට මෙම යෝජනාවද ඇතුළත් ය.
මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ඊයේ දිනයේ දී සිදුව ඇති අතර එම සාකච්ඡාව සදහා ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රධානීන් ඇතුළු රැසක් සහභාගී වී තිබේ.
පාසල් දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සපයා දීම සදහා අරමුදල් වෙන් කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා සූදානමින් සිටින බව වාර්තා වේ.