ක්‍රිකට් නඩුව ඇසීමට
විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාජීව
අදත් අසුන් ගනියි.
ක්‍රීඩා ඇමති වෙනුවෙන් පෙනී සිටින
නීතීඥ මහතාගේ විරෝධය මත
ඔහු නඩුවෙන් ඉවත් වෙයි.
ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවමින්, අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලමින් ක්‍රීඩා අමාත්‍යවරයා ගොනු කළ පෙත්සම අද දිනයේ දී විභාගයට ගත් අතර, එම නඩු විභාගයෙන්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වී තිබේ.
නඩු විභාගය නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ, ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා, අදාල නඩු විභාගය සදහා නිශ්ශංක බන්දුල කරුණාජීව විනිසුරුවරයා අසුන් ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාජීව මහතා නඩු විභාගයෙන් ඉවත් විය.
ඒ අනුව, නඩුව වෙනත් අධිකරණයක වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම සදහා යොමු කිරීමට කටයුතු කර තිබේ.