ක්වාලාලම්පූර් මහාධිකරණය මැලේසියාවේ හිටපු අගමැතිගේ ජේත්තුකාර බිරිද අල්ලස් චෝදනාවකට වරදකාරිය කරයි.

0
130

ක්වාලාලම්පූර් මහාධිකරණය
මැලේසියාවේ හිටපු අගමැතිගේ
ජේත්තුකාර බිරිද
අල්ලස් චෝදනාවකට වරදකාරිය කරයි.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ නජීබ් රාසක්ගේ බිරිද වන රොස්මා මැන්සොර් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකාරිය බව එරට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

මේවනවිටත් ඇගේ සැමියා වන හිටපු අගමැති නජීබ් රාසක් වසර දොළහකට සිරදඩුවමකට ලක්ව සිටියි. ඔහුට එරෙහිවද එල්ල වී තිබුණේ අල්ලස් චෝදනාවකි.

හිටපු අග්‍රාමාත්‍ය ආර්යාවට එරෙහිව නඩුව විභාග කළ ක්වාලාලම්පූර් මහාධිකරණ විනිසුරුවරයා ඇයට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + sixteen =