කාන්චනට විදුලිබල හා
බලශක්ති අමාත්‍ය ධූරය
අහිමිවන ලකුණු…!
නුදුරේදීම, විපක්ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුව සමග එක්වීමත් සමග දැනට පවතින ප‍්‍රධාන අමාත්‍ය ධූර තුනක වෙනසක් සිදුවනු ඇතැයි ඬේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
විදුලිබල හා බලශක්ති, පරිසර හා වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධූර එසේ වෙනස්වීමට නියමිත අමාත්‍ය ධූර බවයි පුවත්පත වාර්තා කරන්නේ.
ඉන්ධන බෙදා හැරීමේ නිර්නායක සම්බන්ධයෙන් කාන්චන විජේසේකර අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් අතර නොඑකගා ඇති බව ද පුවත්පත වාර්තා කර සිටියි.
ඉන්ධන මිලට ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අග‍්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කර තිබෙන බව පැවසේ.
පවතින ඉන්ධන තොග මාසයක කාලයක් සදහා බෙදා හැරීමට සැලසුම් කර තිබෙන අතර, අගෝස්තු මැද භාගයේ තවත් ඉන්ධන තොගයක් ආනයනය කිරීමට නියමිතය.
ඊට අවශ්‍ය ඩොලර් සපයා ගැනීම වෙනුවෙන් රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව පැවසේ.