කැදවීම විධිමත් නෑ.
ටිරාන් හෙට මානව හිමිකම් කොමිසම හමුවේ
පෙනී නොසිටින බව කියයි.
පසුගිය සතියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් සිදු කරන ලද විරෝධතා විරුසුවා හැරීමට පොලිසිය විසින් යොදන ලද බලය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට දිනයේ දී මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබුනද,හෙට දිනයේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට අමාත්‍යවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, තමන් කැදවා ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියට අනුකූලව නොවන බව අමාත්‍යවරයා පවසයි.
මේ සම්බන්ධයෙන් මානව ලිඛිතව මානව හිමිකම් කොමිසම දැනුම්වත් කිරීමට තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අමාත්‍යවරයා කැදවා ඇත්තේ එහි සියළු සාමාජිකයන්ගේ අනුමැතියෙන් නොවන බවට ටිරාන් අලස් මහතාට අයත් බව කියන මවුබිම පුවත්පත ප්‍රධාන සිරස්තයෙන් වාර්තා කර තිබුණි.
