“කැනඩාවේත් ජනසංහාරයක් සිද්ධ වුණා…!
අපි දැන් ඒ පවෙන් මිදෙන්නට වැඩ කරනවා.
ලංකාවටත් එසේම කළ හැකියි..!”
කැනේඩියානු මහකොමසාරිස්..!
කැනඩාවේ ද ජනසංහාරයක් සිදු වූ බව මෙරට කැනේඩියානු මහකොමසාරිස්, එරික් වොල්ෂ් මහතා පවසයි. නමුත්, මේ වන විට කැනඩාව එහි මුල් උරුමකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවට ද එවැනි තත්ත්වයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බව අවධාරණය කරයි.
කැනඩාව ද්වීභාෂා ජාතියක් ලෙස, දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පෙනී සිටින බව පවසන කැනේඩියානු මහකොමසාරිස්වරයා ලංකාවටද එවැනි ජාතියක් බවට පත්විය හැකි බව පවසයි.
වසර සිය ගණනක් තිස්සේ, කැනේඩියානුවන්, එහි මුල් පදිංචිකරුවන්ට එරෙහිව අපකීර්තිමත් ජන සංහාරයක් දියත් කර තිබුණි.
නමුත් මේ වන විට ඔවුන් කැනඩාවේ මුල් පදිංචිකරුවන් සමග සංහිදියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, එය දුෂ්කර සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක් විය හැකි බව කැනේඩියානු මහකොමසාරිස්වරයා පවසයි.