“කැනඩාව, ත්‍රස්තවාදීන්ට පාරාදීසයක් වෙලා.” අලි සබ්රි චෝදනා කරයි.

0
766

“කැනඩාව,
ත්‍රස්තවාදීන්ට
පාරාදීසයක් වෙලා.”
අලි සබ්රි චෝදනා කරයි.


කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ, පදනමක් නොමැති, සාහසික චෝදනා ඉදිරිපත් කරන්නෙකු යැයි, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රී මහතා පවසයි.

කැනඩා භූමිය තුළ සිදු වූ සීක් ජාතිකයාගේ මරණය, ඉන්දියාව විසින් කරන ලද්දක් බවට, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කලේ ය. ඉන්දියාව, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පදනම් කර ගනිමින්, දෙරට අතර දරුණු රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් පැන නැග තිබේ. ඉන්දීය මාධ්‍යවේදියෙකු මේ පිළිබදව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් කළ විමසීමේ දී, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා, පදනමක් නොමැතිව, අනෙකාට බරපතල ලෙස චෝදනා නගන්නෙකු බව ඔහු පැවසී ය.

සිවිල් යුද්ධය සමයේ, ශ්‍රී ලංකා රජය, දෙමළ ජනතාවට එරෙහිව, ජන සංහාරයක් ක්‍රියාත්මක කළ බවට ද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා චෝදනා කර තිබුණි. අලි සබ්රි ඒ පිළිබදවද සිහි කැදවා තිබුණි.

එමෙන්ම, ඇතැම් ත්‍රස්තවාදීන් සදහා, කැනඩාව, සුරක්ෂිත පාරාදීසයක් බවට පත්ව ඇතැයිද, අලි සබ්රි චෝදනා කරයි.

මෑතක දී දෙවන ලෝක යුද්ධ සමයේ දී නාසි හමුදා සමග සම්බන්ධව සිටි යුද අපරාධකරුවෙකු, කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් පිළි ගැනීමද, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ විවේචනයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + four =