“කැනඩාව ශක්තිමත් සහ විචිත‍්‍රවත් රාජ්‍යයක් කිරීමට දායක වීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවට මම ස්තුති කරමි.” කළු ජූලියට 39 වසරක් පිරෙන දා කැනඩා අග‍්‍රාමාත්‍යවරයා කියයි.

0
89

කළු ජූලියට වසර 39 ක් පිරෙන දා කැනඩා අග‍්‍රාමාත්‍ය, ජස්ටින් ටෲඩෝ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් අග‍්‍රාමාත්‍ය වරයා, කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවට විශේෂ ස්තුතියක් පුදකර සිටියි. ඒ, කැනඩාව අද පවතින ශක්තිමත් තත්ත්්වයටත්, විචිත‍්‍රත්වයටත් පත් කිරීම සදහා කැනඩාවේ වෙනස දෙමළ ප‍්‍රජාව, විශාල දායකත්වයක් ලබා දුන් බව පවසමිනි.

කළු ජූලියෙන් දිවි ගලවාගත් දෙමළ ජාතිකයන් හමු වී ඔවුන්ගේ අහිමිවීම් සහ වේදනාවන් ඇතුළු කර්කෂ අත්දැකීම්වලට කන් දීමට තමන්ට අවස්ථාව ලැබී ඇති බවද කැනඩා අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

කළු ජූලිය සිදු වූ 1983 වසරේ දී ම එම බිහිසුණු ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් ද්‍රවිඩ ජාතිකයන් 1800 ක් පමණ පිරිසකට කැනඩාව ස්ථිර පදිංචිය ලබා දී ඇති බවද අග‍්‍රාමාත්‍යවරයාගේ එම නිවේදනයේ සදහන් වේ.

කෙසේ වෙතත්, මේ වන විට කැනඩාව ලෝකයේ විශාලතම දෙමළ ඩයස්පෝරාවන්ගෙන් එකක් බව පවසන කැනඩා අග‍්‍රාමාත්‍යවරයා, කැනඩාව මේ තරම් ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමටත්, සියළු දෙන ඇතුළත් කර ගන්නා විචිත‍්‍රවත් භූමියක් බවට කැනඩාව පත් කිරීමටත් එහි වෙනස දෙමළ ඩයස්පෝරාව ලබා දී ඇති දායකත්වය ඉහළින්ම අගයයි.

https://pm.gc.ca/en/news/statements/2022/07/23/statement-prime-minister-39th-anniversary-black-july?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =