කැනේඩියානු නව මහකොමසාරිස් සහ
අනුර අතර හමුවක්..!
කැනඩා නව මහ කොමසාරිස් සහ NPP අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (10) දින පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මෙම හමුව සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ගෝබිනාත් පොන්නුතුරෙයි මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වූ අතර මෙහිදී නව මහ කොමසාරිස් වෝල්ෂ් මහතාගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් ජාතික ජන බලවේගය සුභපැතුම් එක් කරන ලදී.