කැපවීම ප්‍රශංසනීයයි.
නමුත් ආර්ථිකයේ කඩිනම් ප්‍රකෘතිමත් භාවයක්
තවමත් සහතික කළ නොහැක.
මොරොක්කෝවේ පැවැත්වෙන වාර්ෂික සමුළුවේ දී
අයි.එම්.එෆ් නියෝජිතයෝ
ලංකාව ගැන කියයි.
දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත්, පූර්ණ වශයෙන් ප්‍රකෘතිමත් භාවයක් කරා පැමිණීම තවමත් සහතික කළ නොහැකි යැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨයෙකු වන ඩැනියෙල් ලී වාර්තාකරුවන් හමුවේ පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතවල වාර්ෂික පාලක මණ්ඩල රැස්වීම මේ දිනවන මොරොක්කෝවේ, හී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඩැලියෙල් ලී අදහස් දක්වා ඇත්තේ මෙම සමුළුවේ දී ය.
රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර තිබුණි.