“කැප්ටන් දසුන්..!” තේරීම් කමිටුව තීරණය කරයි.

0
1358

කැප්ටන් දසුන්..!
තේරීම් කමිටුව තීරණය කරයි.


ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය, තවදුරටත් දසුන් ශානක විසින්ම දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ආසියානු කුසලානය පරාජයට පත් වීමත්, පිතිකරුවකු ලෙස සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීමත් හේතුවෙන්, ඔහු නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට වූ මතයක් ක්‍රීඩා ලෝලීන් අතරත්, තවත් විවිධ පාර්ශ්ව අතරත් නිර්මාණය වී තිබුනි.

කෙසේ වෙතත්, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පවසා සිටියේ, දසුන් ශානක තවදුරටත් නායකත්වයේ රැදී සිටිය යුතු බවයි. ඊට අමතරව, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගද දසුන් තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දිය යුතු බව කියා සිටියේ ය.

ඒ අනුව, ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු දසුන් නායකත්වයේ රදවා තබා ගැනීමට ක්‍රීකට් තේරීම් කාරක සභාව තීරණය කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =