කැබිනට් මණ්ඩලයම මුස්ලිම් මෘතදේහ
භූමදානයට එකඟ වෙලා හිටියානම්
අපෙන් ඇහුවේ අහවල් එකටද..?
මහාචාර්ය මෙත්තිකා විතානගේ
අලි සබ්රිගෙන් අහයි.
කොරෝනා වසංගතය සමයේ දී වෛසරය ආසාදනය වී මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් භූමදානය කළ යුතු බවට එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් ම එකග වී සිටි බව විදේශ කටයුතු ඇමති අලි සබ්රි පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
කැබිනට් මණ්ඩලය ඒ සදහා අනුමැතිය ලබා දී තිබුනද මහාචාර්ය මෙත්තිකා විතානගේ වැන අය ඊට සහමුලින්ම විරුද්ධ වූ බවත් මෘත දේහ භූමදානය නොකර ආදාහනය කිරීමේ තීරණය ගනු ලැබූවේ ඒ අනුව බවත් ඔහු පැවසී ය.
මේ සම්බන්ධයෙන් ද මෝර්නිං පුවත්පත සමග අදහස් දක්වා ඇති මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය, කැබිනට් මණ්ඩලයම අනුමැතිය ලබා දී තිබුණා නම් ඒ සම්බන්ධයෙන් තමන් ප්‍රකාශ කළ අදහසට කන් දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කරයි.
එමෙන්ම කෘෂි රසායන තහනම වැනි ඉතා බරපතල තීරණයක් ගැනීමට පෙර විද්වතුන්ගෙන් ඒ ගැන නොවිමසා මෙම කාරණයේ දී පමණක් විද්වත් මතය විමසූවේ ඇයිද කියාත් ඈ විමසා සිටියි.
තමන් ඒ අවස්ථාවේ අදාල කරුණු ගෙන හැර පාවේ ඒ වන විට පැවති තත්ත්වය මත, ඇති ව තිබුණු අවදානම සැලකිල්ලට ගනිමින් බව පවසා ඇති මහාචාර්යවරිය මෘත දේහ භූමදානයට අවසර ලබා දෙනවාද යන කාරණය තීරණය කළ යුතුව තිබුණේ රජය බවද අවධාරණය කරයි.