කැළණිතිස්ස බලාගාරය අද සිට අක්‍රීයයි. දිනක පාඩුව රුපියල් ලක්ෂ අටසීයයි.

0
107

කැළණිතිස්ස බලාගාරය අද සිට අක්‍රීයයි.
දිනක පාඩුව රුපියල් ලක්ෂ අටසීයයි.


කැළණිතිස්ස විදුලිබලාගාරය අද සිට යළි අක්‍රීය කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.

ඒ, බලාගාරය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නැප්තා නොමැති වීම හේතුවෙනි.

කැළණිතිස්ස බලාගාරය ජාතික පද්ධතිය මෙගාවොට් 165 ක විදුලි බලයක් උත්පාදනය කර දෙන බව පැවසේ.

නැප්තා භාවිතා කර විදුලිය උත්පාදනය කිරීමේ දී එක් ඒකකයක් සදහා වැය වන්නේ රුපියල් හතලියක මුදලකි.

නැප්තා නොමැතිව බලාගාරය මෙසේ අක්‍රීය කිරීමට සිදු වීමෙන් දිනකට රුපියල් මිලියන අසූවක පමණ පාඩුවක් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුසංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 9 =