කැළණිය සරසවියේ
ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙකු
සුදු වෑන් රියකින් පැමිණ
පැහැරගෙන යයි..!
කැළණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තෙවන වසර සිසුවෙකි, විශ්ව විද්‍යාලය ආසන්නයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් පැය තුනකට ආසන්න කාලයක් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මහමග දමා ගොස් ඇති බවට සහෝදර ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් චෝදනා කරයි.
පැහැර ගැනීමට ලක් වූ ශිෂ්‍යයාගෙන් සුදු වෑන් රථයේ පිරිස අන්තරේ කැදවුම්කරු පිළිබදව විමසා ඇති බව පැවසේ.
අදාල ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයා ඊයේ පස්වරු තුනට පමණ පැහැර ගැනීමට ලක්ව තිබේ.
ඊට විරෝධයපාමින් කැළණිය සරසවියේ සිසුන් ඊයේ රාති‍්‍රයේ විරෝධතාවයක ද නිරතව තිබුණි.