කිංග්ස්ලිලා හැදූ මේ මාධ්‍ය මධ්‍යස්ථානයට වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 75 ක්. පවත්වා ඇති මාධ්‍ය හමු ගණන 24 යි. දැන් එතන වැඩක් නෑ.

0
187

කිංග්ස්ලිලා හැදූ
මේ මාධ්‍ය මධ්‍යස්ථානයට වැය කර තිබෙන මුදල
රුපියල් ලක්ෂ 75 ක්.
පවත්වා ඇති මාධ්‍ය හමු ගණන 24 යි.
දැන් එතන වැඩක් නෑ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ස්ථාපනය කරන ලද විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් රුපියල් ලක්ෂ 75 කට ආසන්න මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මත පදනම්ව අද නිකුත් කර තිබෙන සිලෝන් ටුඩේ ඉංග්‍රීසි පුවත්පත මේ බව වාර්තා කරයි.

සුදේව හෙට්ටිආරච්චි සහ කිංග්ස්ලි රත්නායක යන අය හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධ වීමෙන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයාගේ ධවල මන්දිර මාධ්‍ය කුටියේ ආකෘතියට අනුව යමින් මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය කර තිබුණි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියේ තිබෙන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ පහත මහලේ මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ අතර එකවර හතලිස් දෙනෙකුට පමණ සහභාගී විය හැකි පමණට ඒ තුළ ඉඩ පහසුකම් පැවතුණි.

2021 ජූලි 21 ත් 2022 අප්‍රේල් අටවනදාත් අතර කාලය තුළ අදාල මාධ්‍ය මධ්‍යස්ථානය සක්‍රීයව පැවති අතර එහි පවත්වා ඇති මාධ්‍ය හමු ගණන 24 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + twelve =