කිසිදු ඉල්ලා අස්වීමක් ලිඛිතව ලැබී නෑ. මැතිවරණ කොමිසමේ ලේකම් කියයි.

0
35

කිසිදු ඉල්ලා අස්වීමක් ලිඛිතව ලැබී නෑ.
මැතිවරණ කොමිසමේ ලේකම් කියයි.


මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ඉල්ලා අස් වූ බව වාර්තා වුවද මේ දක්වා ලිඛිතව ඒ පිළිබදව අදාල සාමාජිකාව විසින් මැතිවරණ කොමිසම දැනුම්වත් කර නැති බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන චාල්ස් මහත්මිය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දී ඇති බවත් ඒ අනුව යමින් කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාද ඉල්ලා අස්වීමට නියමිත බවත් ඊයේ දිනයේ දී මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව නිමල් පුංචිහේවා මහතා නිවේදනය කලේ ය.

පදනමක් නැති විවිධ ප්‍රවෘතී වාර්තා වුවද, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාල වැඩකටයුතුවල මැතිවරණ කොමිසම යුහුසුළු වෙමින් සිටින බව මැතිවරණ කොමිසමේ ලේකම් නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 6 =