‘කීර්තිනාමයට හානි කළා…!’ සාරුවා සුනිල් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..!

0
3053

‘කීර්තිනාමයට හානි කළා…!’
සාරුවා සුනිල්
රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..!

අසාධාරණ චෝදනා එල්ල කරමින් තමන් දීර්ඝකාලීන සිරදඩුවමට යටත් කිරීම සම්බන්ධයෙන්, අකුරැස්ස හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාරුවා සුනිල් ලියනගේ යන නීතිපතිවරයාට සහ ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා විමර්ෂණය කළ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා කරමින් 2012 වසරේ දී සාරුවා සුනිල් ට එරෙහිව නඩු පවරා තිබුණු අතර කොළඹ මහාධිකරණය ඔහුට එරෙහිව වසර පහළොවක සිරදඩුවමක් නියම කළේ ය.

කෙසේ වෙතත් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව සාරුවා සුනිල් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණු අතර එම පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණය, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සියළු චෝදනාවන්ගෙන් ඔහු නිදොස්කොට නිදහස් කළේ ය.

ඒ අනුව අසාධාරණ චෝදනා එල්ල කරමින් තමන්ගේ කීර්ති නාමය හානිය කිරීමත් දීර්ඝ කාලයක් සිරගතකර තැබීමෙන් ව්‍යාපාර බංකොලොත්වීමත් යන කරුණු මත පදනම්ව නීතිපතිවරයාගෙන් සහ විමර්ෂණ සිදුකළ පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + twelve =