කුරුණෑගල නගරාධිපතිට එරෙහිව
පරීක්ෂණ අරඹයි..!
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව පරීක්ෂණ පවත්වා මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කුරුණෑගල නගරාධිපති කිසියම් නීතියක් උල්ලංඝණය කර ඇත්දැයි සොයා බැලීම සදහා මෙම පරීක්ෂණය කැදවා තිබේ.
කුරුණෑගල රාජධානිය පාලනය කළ දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිදුවීම නගරාධිපති තුෂාර සංජීවගේ නියෝගය මත සිදු වූ බව ඒ දිනවල වාර්තා වූ අතර නගරාධිපතිවරයා පිළිබදව රට වැසි අවධානය යොමු වූවේ ඒ සිදුවීමෙනි.
ඊට අමතරව තවත් චෝදනා රැසක් නගරාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.