කුරූණැගල නගරාධිපති
ධූරයෙන් නෙරපයි…!
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරන වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපති ධූරයෙන් ඉවත් කර තිබේ.
තුෂාර සංජීව විතාරන හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ දකුණු අත බදු පුද්ගලයෙකි.
මීට පෙර නගරාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ය.
කෙසේ වෙතත් මේ වන විට කුරුණෑගල නගරාධිපතිවරයා එම ධූරයෙන් ඉවත්කර තිබේ.
ඒ වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ නියෝගයකට අනුවය.
නගරාධිපතිවරයා 2023 වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව පරාජයට පත් වීම මෙසේ ඔහු ධූරයෙන් ඉවත් කිරීමට හේතුව වී තිබේ.
නගරාධිපතිවරයා ධූරයෙන් ඉවත්කර ඇති බැවින් නියෝජ්‍ය නගරාධිපතිවරයා එම ධූරයේ වැඩ බැලිම සදහා පත්කර තිබේ.