ජනාධිපති මන්දිරයෙන් හමු වූ
එක්කෝටි හැත්තෑ අට ලක්ෂය
අධිකරණයට භාර නොදුන්නේ ඇයි..?
“කොටුව පොලිස් ස්ථානාධිපතිගේ හැසිරීම සැක සහිතයි.
වහා පරීක්ෂණයක් කරන්න.”
විනිසුරුගෙන් පොලිස්පතිට නියෝග.
ජනාධිපතිපති මන්දිරයේ තිබී අරගලකරුවන්ට හමු වී තිබුණු එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට භාර නොදුන්නේ ඇයිදැයි සොයා බලන ලෙස විනිසුරු තිලිණ ගමගේ පොලිස්පතිට නියෝග කර තිබේ.
අදාල මුදල් අධිකරණයට භාර දෙන ලෙස නියෝග කර සති තුනක් යනතුරුත් එසේ කිරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අසමත්ව තිබුණි.
කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ හැසිරීම සැක සහිත බව ද විනිසුරු අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී අදාල මුදල අධිකරණයට භාර දීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබෙන බව පැවසේ.