කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නාගමුවට නොතීසි…!

0
944

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්
නාගමුවට නොතීසි…!

සැප්තැම්බර් හයවන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලකට අදාලවයි.

දුමින්ද නාගමුව මහතා තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බව කියමින්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා දුමින්ද නාගමුව මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඔහු සිටින තැනක් සොයාගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 19 =