කොන්දේසි ඉටු කර නෑ.
ලෝක බැංකුව පොරොන්දු වූ
ඩොලර් මිලියන 750 ප්‍රමාදයි.
පොරොන්දු වූ පූර්ව කොන්දේසි කිහිපයක් ඉටු කිරීමට රජය තවමත් අපොහොසත්ව ඇති බැවින්, ලෝක බැංකුව විසින් ලබා දෙන බවට පොරොන්දු වී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 750 ක ණය මුදල ලැබීම ප්‍රමාද වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.
ණය මුදල පොරොන්දු වූ කාල සීමාව තුළ ලබා දීමට නම්, සමෘද්ධි ප්‍රතිලාභීන් පිළිබදව යාවත්කාලීන කරන ලද වාර්තාව මාර්තු මාසයේ 31 වනදාට පෙර සකස් කර අවසන් කළ යුතුව තිබුණි. නමුත් එම ඉලක්කය සපුරාලීමට රජය අපොහොසත්ව තිබේ.
සමෘද්ධි ප්‍රතිලාභීන් අතරට සැබැවින්ම ප්‍රතිලාභ ලැබිය යුතු අය ඇතුළත්ව නැති බවත්, දරිද්‍රතා රේඛාවට පහළ ජීවන මට්ටමක නො සිටින ඇතැමුන් පවා ප්‍රතිලාභ ලබමින් සිටින බවත් වාර්තා වී ඇති බැවින් මෙම යාවත්කාලීන කිරීම සිදු කරන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර තිබුණි.
මීට අමතරව, පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවිම, බදු එකතු කිරීම ඩිජිටල්කරණය කිරීම සහ මහබැංකුව ස්වාධීන කිරීමද ලෝක බැංකුව විසින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 750 ලබා ගැනීමට අදාල අනෙකුත් කොන්දේසීන් ය.