කොමිසමේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තර කරන ලෙස
සභාපති නිමල් පුංචිහේවා
ජනපතිගෙන් ඉල්ලයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකුට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බව හෙළි වී ඇති අතර කොමිසමේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තර කරන ලෙස, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව වාර්තා වේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව පැවසේ.
එමෙන්ම පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාලව ඇතැම් ආයතනවල සහාය අවශ්‍ය ප්‍රමාණයට මැතිවරණ කොමිසමට නොලැබෙන බවත් ඒ සදහා මැදිහත් වන ලෙසත් නිමල් පුංචි හේවා මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා ඇති බවද වාර්තා වේ.