කොමිස් ගැනීමේ අරමුණෙන් හිතාමතාම ප්‍රමාද කළාදැයි සැකයි…!
චීන ආයෝජන රැසක්
මග නවතී…!
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීම මත ලංකාවට ගෙන ආ ආයෝජන රැසක්, මෙරට බලධාරීන්ගේ අඩු උනන්දුව හේතුවෙන් මග නැවතී ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වර්තා කරයි.
ඇතැම්විට, කොමිස් ලබා ගැනීමේ අරමුණ ඇතිව, ඇතැම් බළධාරීන් මෙසේ හිතාමතාම එකී ව්‍යාපෘති ප්‍රමාද කිරීමට කටයුත-ු කරනවාද යන සැකය ඇති බවද පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.
චීනයේ මෙරට තානාපති කාර්යාලය විසින් සාකච්ඡා සිදුකර ඇති චීන ආයෝජකයන් අතර, වරාය නගරයට ඩොලර් මිලියන 500 ක ආයෝජනයක් ගෙන ඒමට සූදානමින් සිටින චයිනා හාබර් සමාගමද සිටියි. කොළඹ වරාය නගරය තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා ඔවුන් කැමැත්ත පළ කර තිබුණු බව වාර්තා වේ.
හියුමන් ඉන්ස්ෆාස්ට්‍රක්චර් නම් සමාගම, ඩොලර් මිලියන 200 ක ආයෝජනයක් ගෙන ඒමට කැමැන්ත පල කර තිබේ.
චයිනා රේල් නමැති චීන සමාගම, මෙරට තුළ ලයිට් රේල් ට්‍රාන්සිස්ට් ව්‍යාපෘතියක් සහ ඩොලර් බිලියන ගණනාවක සුඛෝපභෝගී මහල් නිවස සංකීර්ණ ව්‍යාපෘතියක් සදහා ලංකාවට පැමිණීමට සූදානම් බව දැනුම් දී තිබේ.
ෆයිබර් හෝම් නම් සමාගම, මෙරට තුළ අධි තාක්ෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා කැමැත්ත පළ කර තිබේ.
ඊට අමතරව පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීම සදහා ද තවත් චීන සමාගම් කිහිපයක් ඉදිරිපත්ව ඇති බව පැවසේ.
මෙම ව්‍යාපෘතිවලින් කිහිපයක් නැවතී තිබී මේ වන විට නැවත ආරම්භ වී ඇති බව පුවත්පත වාර්තා කරයි.