“කොළඹ නගරයේ සිංහල ජනගහනය, 1982 දී 51% යි. 2012 දී 28% යි.” ගම්මන්පිල කියයි.

0
1089

“කොළඹ නගරයේ සිංහල
ජනගහනය, 1982 දී 51% යි.
2012 දී 28% යි.” ගම්මන්පිල කියයි.


“ඒ කතාව බොරු.”
ෆැක්ට් චෙක් කියයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, කොළඹ නගරයේ සිංහල ජනගහනය, 1981 දී ප්‍රතිශතයක් ලෙස 51% ක් වූ බවත්, එය, 2012 වන විට, 28% දක්වා අඩු වී ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම වෙනස, උතුරෙන් සහ නැගෙනහිරින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනගහනය විසින් නිර්මාණය කර තිබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් ෆැක්ට් චෙක් ආයතනය විමර්ශනයක් සිදු කොට තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා දත්ත නිවැරදි නොවන බව එහිදී අනාවරණය වී තිබේ.

පළමු කාරණය වන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කොළඹ නගරය ඉලක්ක කර ගනිමින් ජන සංගණනයක් සිදු කොට නොතිබීමයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ සමස්ත කොළඹ දිස්ත්‍රික්කය සහ කොළඹ මහනගර සභා බල සීමාවට අදාල සංඛ්‍යා දත්ත යි.

ඒ අනුව, 1982 වසර වන විට, කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජනගහන 1,698,322 කි. ඉන්, 1, 322, 658 ක් සිංහලයන් ය. ඒ අනුව, 1981 වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනගහනයෙන් 71.89% ක් සිංහලයන් ය.

2012 වන විට, කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන සමස්ත ජනගහනය 2,324,349 කි. ඉන්, 1,778, 971 ක් සිංහලයන්ය. ඒ අනුව, 2012 වන විට, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන සිංහල ජනගහනය ප්‍රතිශතයක් ලෙස 76.54% කි.

කොළඹ මහ නගර සභා බල සීමාව ගතහොත්, 1981 වසරේ සමස්ත ජනගහනය 585,776 කි. ඉන්, 293,600 ක් හෙවත් 50.12% ක් සිංහලයන් ය.

2012 වසරේ දී කොළඹ මහ නගර සභා බල සීමාව තුල ජීවත් වන සමස්ත ජනගහනය 561,314 කි. ඉන්, 206,282 ක් හෙවත් 36.79% ක් සිංහලයන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 15 =