“කොළඹ නගර සභා සීමාව තුළ අවදානම්සහගත මහ ගස් තුන්සියයක්..!” ආරක්ෂක රාජ්‍ය ඇමති.

0
145

“කොළඹ නගර සභා සීමාව තුළ
අවදානම්සහගත මහ ගස් තුන්සියයක්..!”
ආරක්ෂක රාජ්‍ය ඇමති.

කොළඹ මහනගර සභා සීමාව තුළ කඩා වැටීමේ අවදානම ඇති මහගස් තුන්සියයක් පමණ තිබෙන බව හදුනාගෙන ඇතැයි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය පමිත තෙන්නකෝන් පවසයි.

මේ ගස් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව අධ්‍යයනය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසා තිබේ.

අවදානම් සහගත මෙම ගස්වලින් සමහරක අතු ඉවත් කිරීම හෝ ඇතැම් ගස් මුළුමනින්ම උදුරා දැමීමට හෝ නියමිතය.

කොළඹ නගර සභා සීමාව තුළ ගස් ලක්ෂයකට වඩා වැඩියෙන් තිබෙන බව අමාත්‍යවරයා පවසයි. අවදානම් සහගත තත්ත්වයක පවතින්නේ, ලක්ෂය ඉක්මවූ ගස් ප්‍රමාණයෙන් තුන්සියයක් පමණි.

ඩේලි මිරර් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − five =