කොළඹ පුරපති සටනට
මුජිබුර් වෙනුවට
හිරුණිකා…?
කොළඹ පුරපති සටන සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා තරගවැදීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබුනද ඔහුගේ ඉදිරිපත්වීම සැක සහිත බව ඩේලි මිරර් පුවත්පත ඉගි කර තිබේ.
පුරපති සටන සදහා ඉදිරිපත් වන්නේ නම් මන්ත්‍රීවරයා ඔහු දැනට දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතුය.
ආණ්ඩුව ඡන්දය කල් දැමීමට අවසන් තත්ත්පරය දක්වාම කුමන්ත්‍රණය කරමින් සිටින පසුබිමක මන්ත්‍රීධූරයෙන් ඉවත්වීම පිළිබදව මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා තවදුරටත් සළකා බලමින් සිටින බව පුවත්පත වාර්තා කරයි.
ඒ අනුව මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා වෙනුවට කොළඹ පුරපති ධූරය සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නම බොහේ දුරට යෝජනා වියහැකි බවද පුවත්පත පවසයි.
ඒ සදහා පක්ෂ නායකයගේ බිරිදගේ ආශිර්වාදයද හිමිව ඇති බවයි පුවත්පත පවසන්නේ.
ඩේලිමිරර් පුවත්පත මෙම පුවත පලකර තිබෙන්නේ දේශපාලන ඕපාදූපයක් [political gossip] ලෙසයි.