කොළඹ වරාය සදහා
එක්සත් ජනපදයෙන්
ඩොලර් මිලියන 553 ක
ආයෝජනයක්..!
කොළඹ වරාය සදහා ඩොලර් මිලියන 553 ක ආයෝජනයක් සිදු කිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.
මෙම ආයෝජනය සිදු කරනු ලබන්නේ, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසිනි. කොළඹ වරාය තුළ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සදහා මෙම ආයෝජනය සිදුකරනු ලබයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරී ස්කොට් නේදන් මහතා අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා දිවයිනට පැමිණ තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මෙරට ඇමරිකානු තානාපතිනී, ජුලී චන්ග්, එකී ව්‍යාපෘතිය දියත් කිරීම සදහා එක්වූ බව පැවසේ.