කෝටි 167 ක බදු පැහැර හැරීම.
අර්ජුන් ඇලෝසියස්ට සිතාසි.
මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතුව තිබෙන රුපියල් කෝටි 167 ඉක්මවූ බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව 2021 වසරේ දී පවරන ලද නඩුවකට අදාලව හෙට දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ.