කෝපා හෙළිදරව්ව විසින් ඇති කළ මහජන විරෝධය පළ දරයි. ධම්මික පෙරේරා පැහැර හැර තිබූ බදු මුදල් ගෙවා දමයි.

0
165

ගෙවීම් පැහැර හැර තිබුණු රුපියල් මිලියන 1150 ක බදු මුදල්, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මේ වන විට ගෙවා දමා ඇති බව වාර්තා වේ.

මැයි මාසයේ 30 වන දා හිග බදු මුදල් ඔහු විසින් ගෙවා ඇතැයි, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිනුම් කාරක සභාව (කෝපා) වෙත දැනුම් දී තිබේ.

බදු ගෙවීම් පැහැර හැරීම පිළිබදව ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන අයට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වී තිබුණි.

විශේෂයෙන්ම, නුදුරේදීම අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව සිටින ධම්මික පෙර්රා සම්බන්ධයෙන් මතුව ආ විරෝධය වඩාත් ප්‍රබල විය.

ඔවුන් දෙදෙනා විසින්ම පැහැර තිබුණේ, ඔවුන්ට අයත් කැසිනෝ ව්‍යාපාර සදහා ගෙවිය යුතු බදු මුදල් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =