ඛණිජතෙල්-විදුලිය-වරාය-ජලය-සෞඛ්‍ය, වෘත්තීය සමිති 40 ක් පෙබරවාරි 08 වැඩ වර්ජනයක් කැදවයි.

0
141

ඛණිජතෙල්-විදුලිය-වරාය-ජලය-සෞඛ්‍ය
වෘත්තීය සමිති 40 ක්
පෙබරවාරි 08 වැඩ වර්ජනයක් කැදවයි.

ඛණිජතෙල්-විදුලිය-වරාය-ජලය-සෞඛ්‍ය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක වෘත්තීය සමිති 40 කට ආසන්න ප්‍රමාණයක් පෙබරවාරි මාසයේ අට වන දා මහා වැඩවර්ජනයක් කැදවා ඇති බව වාර්තා වේ.

ජනවාරි පළමුවැනි දා සිට බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක කළ පුද්ගලික ආදායම් බදු සංශෝධනයට එරෙහිව මෙම වැඩ වර්ජනය කැදවා තිබේ.

වරාය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු නිරෝෂණ ගොරකාන, විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් සහ ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රන්වල යන වෘත්තීය සමිති නායකයන් තමන් මෙම වැඩ වර්ජනය සදහා සහභාගීවන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 11 =