ඛණිජ තෙල් වෘත්තීය සමිති
වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ගියහොත්
ඔවුන්ටත් නඩු දමනවා..!
ඇමති කාන්චන තර්ජනය කරයි…!
මාස හයක කාලයක සිට ඛණිජතෙල් හා සම්බන්ධ සියළු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බැවින් එම සේවාවන් කඩා කප්පල් කිරීමට කටයුතු කරන පුද්ගලයන් හෝ වෘත්තීය සමිතිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම අනතුරු හැගවීම සිදු කර තිබේ.
ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිදාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද දිනයේ දී සිදු කිරීමට නියමිත ය.
මෙම පනත් කෙටුම්පතට විරෝධය පල කරමින් කොලොන්නාව – සපුගස්කන්ද සහ මුතුරාජවෙල යන ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාවල සේවකයන් අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.