‘සියළු වෘත්තීය සමිති පාරට බහින බව කියා තිබේ.
ඒත් ඛණිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙක
ප්‍රතිව්‍යුහගත කිරීම අත්හිටුවන්නේ නැත.’
ඇමති කාන්චන විජේසේකර.
ඛණිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙක ප්‍රතිව්‍යුහගතකිරීමට(පුද්ගලීකරණය කිරීමට) රජය මේ වන විට පියවර ගනිමින් සිටියි.
ඒ සමිබන්ධයෙන් වූ රජයේ ස්ථාවරය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සියළු වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ.
රජය සැලසුම් කර තිබෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා කිසිදු වෘත්තීය සමිතියක් සිය එකගතාවය පළ කර නැත.
ඒ අනුව ඔවුන් සියල්ලෝ රජයේ ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට එරෙහිව අගෝස්තු 22 වන දා එනම් හෙට පස්වරු එකට ඛණිජ තෙල් අමාත්‍යංශය ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අදාල විරෝධතා ව්‍යාපාරය පිළිබදව ප්‍රචාරය කරමින් නිකුත් කර තිබෙන පෝස්ටරයක්ද අමුණමින් විෂය භාර අමාත්‍යවරයා විසින් ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඉන් කියැවෙන්නේ විරෝධතා පැවැත්වීමේ අයිතිය තමන් පිළිගන්නා නමුත් විදුලි බල හා ඛණිජ තෙල් ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආපහු හැරවීමේ කිසිදු අදහසක් රජයට නැති බවයි.