ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අත්හිටුවයි..!

0
169

ඛාන් අත්අඩංගුවට
ගැනීමේ මෙහෙයුම
අත්හිටුවයි..!

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීම සදහා ලාහෝරයේ පිහිටි ඔහුගේ නිවස දෙසට පැමිණි පොලිසිය මේ වන විට සිය මෙහෙයුම අත්හැර දමා ඇති බව වාර්තා වේ.

ඒ, හිටපු අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමට එරෙහිව ඔහුගේ පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බැවිනි.

මේ අතර ඉම්රාන් ඛාන් රැදවුම්භාරයට ගැනීම සදහා අධිකරණය විසින් නිකුත් කර තිබුණු නියෝගයද අත්හිටුවා ඇති බව පැවසේ.

මාර්තු 19 වන දා පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට නියමිත අතර ඉන් පසුව ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම යළිත් ආරම්භ කරනු ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 20 =