ගජමෑන්ට
ගයාන් පෙරේරා
කැත වැඩක් කරයි…!
ලංකාවේ ප්‍රථම ත්‍රීඩී සිනමා පටය, ගජමෑන්; මේ වන විට තිරගත වෙමින් පවතී.
‘ගජමෑන්’ ලංකාවේ සුප්‍රකට කාටූන් ශිල්පියෙකු වන කැමිලස් පෙරේරා මහතා විසින් නිර්මාණය කරන ලද චරිතයකි.
ගජමෑන් නම් චරිතය තුළින්- මෙරට පොදු ජනතාව නියෝජනය වූ නමුත් ගජමෑන් ලංකාවේ සාමාන්‍ය පොදු ජනතාව මෙන් පීඩාව ඉවසා සිටින පුද්ගලයෙකු නොවේ. ඔහුට ගැඹුරු දේශපාලන සවිඥාණයක් තිබේ. එය ඔහු එළියට දමන්නේ ඔහුටම ආවේණික සරදම් සහගත සෝපහාසයක් ද සමගිනි. මගෝඩිස් තුමාටනං ගජමෑන්ගේ සරදමෙන් ගැලවීමක් ඇත්තේම නැත.
හැත්තෑ හතෙන් පසුව බිහිවූ, නූගත්, ජරාව කන දේශපාලනඥයා මගෝඩිස්තුමාගෙන් නිරූපණය විය.
77 න් පසුව බිහි වූ කැමිල් පෙරේරා මෙන්ම 77 න් පසුව බිහි වූ සුනිල් පෙරේරා ද 77 න් පසුව බිහි වූ මේ ජරාව කන දේශපාලනඥයාට පාඩුවේ ඉන්නට දුන්නේ ම නැත.
අසිරියකට මෙන් ගජමෑන් චිත්‍රපටයේ මගෝඩිස්තුමාගේ චරිතයට හඩ කවා ඇත්තේද සුනිල් පෙරේරා මහතා ය.
කෙසේ හෝ ගජමෑන් චිත්‍රපටය තිරගතවන විට සුනිල් පෙරේරා මහතා ජීවතුන් අතර නැත.
මගෝඩිස්තුමාගේ චරිතය සදහා හඩ කැවීමට තමන්ට කිසිදු මුදලක් අවශ්‍ය නැති බව සුනිල් පෙරේරා මහතා ඒ සදහා ඉදිරිපත් වූ අවස්ථාවේ දී පවසා ඇති බව වාර්තා වේ.
ඒ බව සුනිල් පෙරේරා මහතාගේ එක් පුතෙකු වන ගයාන් පෙරේරා මහතා හැරුණු කොට අනෙක් දරුවන්ද පිළිගනී.
එසේ තිබියදීත් ගජමෑන් චිත්‍රපටයේ හඩ කැවීම් වෙනුවෙන් සුනිල් පෙරේරා මහතාට ගෙවීමක් අවශ්‍ය බවත් එම මුදල තමන්ට ලබා දෙන ලෙසත් ඉල්ලමින් ගයාන් පෙරේරා ගජමෑන් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට කරදර කරමින් සිටින බව පැවසේ.