ගත්ත ණය පොරොන්දු වූ දිනයේ ආපසු ගෙවන ලෙස
බංගලාදේශය ඉල්ලයි…!
ශ්‍රී ලංකාව විසින් බංගලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල එම ණය ආපසු ගෙවන බවට පොරොන්දු වූ දිනයේ දී පියවන ලෙස බංග්ලාදේශය ඉල්ලා ඇති බව වාර්තා වේ.
ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් ලබාගෙන තිබේ. කෙටි කාලයකින් නැවත ගෙවන පොරොන්දුව පිට ලංකා රජය එම ණය මුදල ලබා ගත්තද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුධය මධ්‍යයේ ණය ගෙවීමේ කාලය දීර්ඝකර දීමට බංග්ලාදේශ රජය එකග විය.
ඒ අනුව 2023 මාර්තු මාසය වන විට අදාල ණය මුදල ලංකා රජය යළි පියවිය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසිවාරය සදහා සහභාගී විමට වොෂින්ටනයට පැමිණ සිටින බංග්ලාදේශ මහබැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා එහිදී මුණ ගැසී අදාල ණය පිළිබදව සාකච්ඡා කර ඇති අතර නියමිත පරිදි ණය ආපසු පියවීමට ලංකා රජය පොරොන්දු වී ඇති බව වාර්තා වේ.