‘ගත් ණය ආපසු ගෙවන්න
වසර 25 ක කාලයක් අවශ්‍යයි..!’
ජනපති බ්‍රිතාන්‍යයේ දී කියයි.
රටක් ලෙස ශ්‍රී ලංකාව බිද වැටී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලංකාව ලබාගෙන ඇති විදෙස් ණය ගෙවීම සදහා 2048 වසර දක්වා තවත් වසර විසි පහක කාලයක් අවශ්‍ය වනු ඇති බවද ජනාධිපතිවරයා පවසයි.
‘රටක් ලෙස අප බිද වැටී ඇති බව රහසක් නොවේ.
දැනටමත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අරඹා ඇති අතර මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණ ඇත්තෙමු. ඉන්දියාව චීනය හා ජපානය සමග මෙන්ම පෞද්ගලික ණය හිමියන් සමගද අප සාකච්ඡා කළ යුතුව තිබේ.
අපේ ණය ප්‍රශ්නය දෙස බලන අතරේ ගත් ණය ආපසු ගෙවීමටද අපට සිද්ධ වෙනවා. ඒ සදහා අපට වසර විසිපහක කාලයක් ගත වේවි.
තවත් වසර විසි පහකින් අපි නිදහසේ ශත සංවත්සරය සමරනවා. ඒ වන විට සමෘද්ධිමත් රටක් බවට පත්වීමට අපට පුළුවන්.’
ජනාධිපතිවරයා මේ අදහස් පළකර තිබෙන්නේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග පැවති හමුවකදී ය.