ගනේමුල්ලේ සංජීව බේරා ගැනීමට
හිටපු ඇමතිවරයෙකුත්,
හරක් කටා නිදහස් කර ගැනීමට
කැබිනට් ඇමතිවරයෙක් සහ ඒ ඇමතිගෙ පුත්‍රයාත්
වලිකයි. මාධ්‍ය වාර්තා කරයි.
අත් අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායකයන් දෙදෙනෙකු වන හරක් කටා සහ ගනේමුල්ලේ සංජීව බේරා ගැනීම සදහා, දේශපාලන මැදිහත් වීමක් සිදුවෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා මුදා ගැනීම සදහා ප්‍රබල ඇමතිවරයෙක් සහ එකී ඇමතිවරයාගේ පුත්‍රයා බලපෑම් එල්ල කරමින් සිටින බවට මීට පෙර වාර්තා වූ අතර, මේ වන විට, අත් අඩංගුවේ පසුවන ගනේමුල්ලේ සංජීව නමැති පාතාල කල්ලි නායකයා මුදා ගැනීම සදහා හිටපු අමාත්‍යවරයෙකු මැදිහත් වී සිටින බව වාර්තා වේ.
අත්අඩංගුවේ පසුවන ගනේමුල්ලේ සංජීවගේ සුවදුක් බැලීමට ගොස් තිබෙන, එකී අමාත්‍යවරයාගේ ප්‍රබල ආධාරකරුවන් දෙදෙනෙකු, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔවුන් දෙදෙනාට තිබෙන පාතාල සම්බන්ධතා හෙළි වීමෙන් පසුව බව වාර්තා වේ.
හරක් කටා මුදා ගැනීම සදහා සිදුවන දේශපාලන මැදිහත්වීම පිළිබදව මීට සති කිහිපයකට ඉහත දී ලංකාදීප පුවත්පත සහ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණු අතර, ගනේමුල්ලේ සංජීව මුදා ගැනීමට හිටපු අමාත්‍යවරයා දරන උත්සාහය සම්බන්ධයෙන් ඩේලි මිරර් වෙබ් අඩවිය අද දිනයේ වාර්තා කර තිබුණි.